අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ඒ සඳහා පොලිස් නිලධාරීන් 2,000ක් යොදවා ඇති බවය.
මෙවර අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527කදී හෙට (06) ආරම්භ වීමට නියමිතය.
සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කිරිම සඳහා මේවන විටත් සියලු කටයුතු සැලසුම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
0 Comments