මෙරට අධ්‍යාපන කාර්ය මණ්ඩලයපුහුණු කරන්න කැනඩාවෙන් ගේන්න යයි.


0

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ කැනඩාවේ වැන්කුවර්හි බ්‍රිටිෂ් කොලොම්බියා විශ්වවිද්‍යාලයේ (University of British Columbia, Vancouver, Canada) බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත කාර්යමණ්ඩලය දැනුවත් කිරීම සහ පුහුණු කිරීම සඳහා කොලොම්බියා විශ්වවිද්‍යාලයේ සහභාගීත්වය ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් විය.

මේ යටතේ මෙරට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 හි අධ්‍යාපනඥයින්, කථිකාචාර්යවරුන්, විදුහල්පතිවරුන් මෙන් ම, ඉදිරියේ දී විද්‍යාපීඨ ඒකාබද්ධ කරමින් පිහිටුවීමට නියමිත ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පරිපාලකයින් සහ පීඨ සාමාජිකයින් පුහුණු කිරීම සඳහා කොලොම්බියා විශ්වවිද්‍යාලයේ සහාය ලබාගැනීමට ඇති හැකියාව පිළිබඳ ව ද මෙහි දී සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට කොලොම්බියා විශ්වවිද්‍යාලයේ වැඩ බලන සභාපති මහාචාර්ය ගේග් ඇවරිල් (Prof.Gage Averill), ජාත්‍යන්තර සහ පාලක මණ්ඩලයේ සාමාජික මහාචාර්ය ඇනා කින්ඩ්ලර් (Prof. Anna Kindler), ජ්‍යෙෂ්ඨ උපදේශක, සහ ජාත්‍යන්තර කටයුතු අධ්‍යක්ෂ ආචාර්ය ෆැන්ග් වැන්ග් (Dr. Fang Wang) මහතා ද අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතා ද එක්ව සිටියහ.


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Reporter 01

0 Comments

Your email address will not be published. Required fields are marked *