ශ්‍රී ලංකාව තුළ මංකොල්ලකෑම් සහ සොරකම් සම්බන්ධයෙන් සිරගත වන පුද්ගලයන් සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
බන්ධනාගාර දෙපාර්තමේන්තු වාර්තා වලට අනුව මෙරට තුළ සොරකම් සහ මංකොල්ලකෑම්වලට අදාළව 2021 වර්ශයේදී 1,202ක්, 2022 වර්ශයේදී 3,956ක්, 2023 වර්ශයේදී 5,687 දෙනෙකුත් සිරගත කර ඇත.
ඒ අනුව එය 2021 වර්ශයට සාපේක්ෂව 44% කැපී පෙනෙන වර්ධනයකි.
එමෙන්ම 2021 වර්ශයේදී මංකොල්ලකෑම් සහ සොරකම්වලට අදාළව කාන්තාවන් 19 දෙනෙකු සිරගත වී ඇති අතර 2022 වර්ශයේදී එය 49 දක්වාත් 2023 වර්ශයේදී 61 දක්වාත් ඉහළ ගොස් තිබුණි.
පුද්ගලයන් නොමග යවා මුදල් සොරකම් කරන සිද්ධිද මේ වනවිට ඉතා වැඩි වශයෙන් වාර්තා වී තිබේ.
0 Comments